අම්බලන්තොට කොග්ගල ප්‍රදේශයේ අද (19) අලුයම සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

කොග්ගල්ල උතුරු කඩවර ප්‍රදේශයේ පිහිටි නිවසකට අද අලුමට නාඳුනන පුද්ගලයින් තිදෙනෙකු පැමිණ නිවසේ කවුළුවකින් පුද්ගලයෙකු පිළිබඳව සොයා බලා ඇති බව පොලිසිය සදහන් කර ඇත.

එහිදී එම නිවසේ සිටි දැරියක විසින් මෙම පිරිස දැක කෑ ගැසීමත් සමඟ අදාළ නාඳුනන පුද්ගලයින්ගේ ඉලක්කය වූ පුද්ගලයාගේ පියා නිවසින් පිටතට පැමිණ තිබේ.

එම අවස්ථාවේදී ඔහුට මෙම වෙඩිතැබීම සිදුකර පළා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කර තිබේ.

වෙඩිතැබීමෙන් මියගොස් ඇත්තේ 62 හැවිරිදි පුද්ගලයෙකු වේ.