ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අද (ඔක්. 23) පෙරවරුවේ අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදු කරනු ලැබ තිබේ.

ඒ අනුව මහින්ද අමරවීර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේ මීට සුළු මොහොතකට පෙර දිවුරුම් දී ඇත.

එමෙන් ම, කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා ඇත.

වෛද්‍ය රමේෂ් පතිරණ සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රංජිත් සියඹලාපිටිය දැනට දරනු ලබන මුදල් රාජ්‍ය අමාත්‍ය ධූරයට අමතරව රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දී ඇත

.