මේ දිනවල චීනයේදී පැවැත්වෙන ලෝක විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ මීටර් 100 අවසන් පූර්ව තරගය සඳහා තරග කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා මලල ක්‍රීඩිකා අමාෂා ද සිල්වාට අහිමි වී තිබේ. ඒ ඇයගේ පාදයේ ඇතිවූ ආබාධයක් හේතුවෙනි.

ඇය මෙම තරගාවලියේ මීටර් 100 කාන්තා ඉසව්වේ මූලික වටයේදී තත්පර 11.89කින් තරගය නිම කරමින් අවසන් පූර්ව තරගය සඳහා සුදුසුකම් ලබාගත්තාය. කෙසේ වෙතත් ඇයට මෙම ආබාධයත් සමග තවත් සති කිහිපයක් විවේක ගැනීමට සිදුවේ.