අමෙරිකානු  රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ඊශ්‍රායලය වෙත පැමිණි බව වාර්තා වේ.

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර ගැටුම් උග්‍රවීම වැළැක්වීමේ අරමුණින් සාකච්ඡා සිදුකිරීම සඳහා අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙම සංචාරයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අත​ර ඔහු පසුගිය දින කිහිපය තුළ කටාර්, ජෝර්දානය, බහරේනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය සහ ඊජිප්තුව යන රාජ්‍යන්වල සංචාරය කිරීමෙන් අනතුරුව ඊශ්‍රායලය වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

කෙසේ නමුත් ගොඩබිමින් සහ ගුවනින් ගාසා තීරයේ දැඩි ප්‍රහාරයක් සිදුකිරීමට ඊශ්‍රායලය සැලසුම් කර ඇති පසුබිමක අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් එරටට පැමිණීම සුවිශේෂි බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.