2024 අයවැය තුළින් රාජ්‍ය සේවකයින්ට රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් අවශ්‍ය බව පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව පවසා ඇත.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ, විදුලි බිල්, ජල බිල්, දුරකථ බිල්, පාසල් වෑන් රථ ගාස්තු ගෙවූ පසු රාජ්‍ය සේවකයින්ට කාර්යාලයට පැමිණීමට ප්‍රවාහන වියදම හෝ සොයා ගැනීමට අපහසුවී ඇති බවය.

මෙවර අයවැය තුළින් රුපියල් 20,000 ක වැටුප් වැඩිවීමක් සිදු නොවුනහොත් නොවැම්බර් 13 වනදායින් පසු දෙවැනි අරගලයක් ආරම්භ කරන බව ද  ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.