අයි.සී.සී. ජුනි මස ක්‍රීඩකයා තේරීමේ නාමයෝජනා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් අද ප්‍රකාශයට පත් කළේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග, සිම්බාබ්වේ පිතිකරු ශෝන් විලියම්ස් සහ ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ජුනි මාසයේ ක්‍රීඩකයාට හිමි නාමයෝජනා අතර ඉඩ වෙන්කර ගෙන තිබේ.

වනිඳු මේ වනවිට ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා බවට පත්ව ඇති අතර, ඔහු ලබාගෙන ඇති කඩුලු ගණන 20කි. සිම්බාබ්වේ පිතිකරු ශෝන් විලියම්ස්ද ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා වේ. ඔස්ට්‍රේලියාවේ ට්‍රැවිස් හෙඩ් ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගයේදී සහ ඈෂස් තරගාවලියේ පිතිකරුවෙකු ලෙස දක්ෂතා අතර සිටී.

අයි.සී.සී. නිල වෙබ් අඩවියට ගොස් ඔබටත් මෙම නාමයෝජනා සඳහා මනාප පළ කළ හැකිය