ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ICC Hall of Fame නාමයන් අතරට අරවින්ද සිල්වාගේ නම ඇතුළත් කර තිබේ. ඒ අනුව අයි.සී.සී.ය මගින් මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුට උපහාර දැක්වීමට නියමිතය.

අරවින්ද ද සිල්වා මෙම නාමයන් අතරට එක්වූ 04වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයා වේ. මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන ICC Hall of Fame නාමයන් අතරට ඇතුළත් කර තිබුණි.