කිමිඳුම්කරුවන් කණ්ඩායමකට හමුවුණු අමුතු මාළුවකුගේ වීඩියෝ දසුන් පෙළක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේත් විදෙස් පුවත් නාළිකා ඔස්සේත් දකින්න ලැබේ.

කිමිඳුම්කරුවන්ට මෙම මාළුවා හමුවී ඇත්තේ, තායිවානයට ඔබ්බෙන් මුහුදේදීය.

මාළුවාගේ හැඩය අමුතුය. සිරුර දිගය. වරල් පේළියක් සිරුරේ ඉහළින් පිට දිගේ දකින්න ලැබේ. මාළුවාගේ පිහිනන විලාසය ද අමුතුය. සිරුරේ සිදුරු කීපයක් ද ඇත.

මේ මාළුවා ඉතා දුර්ලභ ගණයේ එකෙකි.

සාගර විද්‍යාඥයන්ට අනුව, මාළුවා හැඳින්වෙන්නේ ‘ඕරාෆිෂ්’ Oarfish යන නමිනි. මෙම මාළු විශේෂය ගැඹුරු සාගරයේ ජීවත් වන බව ද පැවැසෙයි.