ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා පුහුණුවීම් සිදු කරන අවිෂ්ක ප්‍රනාන්දුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. එමෙන්ම එම සංචිතයට ඇතුළත් කුසල් ජනිත් පෙරේරාටද කොවිඩ් රෝග ලක්ෂණ මතුව ඇති බව වාර්තා වේ. මේ අනුව පුහුණුවීම් සිදු කළ ශ්‍රී ලංකා කණ්ඩායමට කොවිඩ්-19 අවදානමක් මතුව ඇත.

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මෙම මස 30වැනිදා ආරම්භ වීමට නියමිතය.