අස්වැසුම ප්‍රතිලාභ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් ලැබුණු විරෝධතා විභාග කිරීම අද (14)සිට ආරම්භ කරන බව, සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත.

විරෝධතා විභාග කිරීම සඳහා අවශ්‍ය සියලු උපදෙස් දිස්ත්‍රික් ලේකම්වරුන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට යොමු කළ බව එම මණ්ඩලය සඳහන් කර තිබේ.

අස්වැසුම සම්බන්ධයෙන් ලැබී ඇති විරෝධතා සංඛ්‍යාව 217,000ක් වේ.

එම විරෝධතා දින 5ක් ඇතුළත විභාග කර අවසන් කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වේ.

ඉන් අනතුරුව අස්වැසුම සම්බන්ධයෙන් ලැබුණු අභියාචනා අට ලක්ෂයක් ද විභාග කිරීමට නියමිතය.