අස්වැසුම’ සමාජ ප්‍රතිලාභ වැඩසටහනේ දෙවැනි අදිරය සඳහා මුදල් බැර කර ඇත.

ඒ අනුව තහවුරු කළ ප්‍රතිලාභීන් 257,170 ක් සඳහා රුපියල් කෝටි 155 ක් බැංකුවලට බැරකළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසා තිබේ.

එම මුදල් ජූලි මස සඳහා වන බවත් හෙට දිනයේ ප්‍රතිලාභීන්ගේ ගිණුම්වලට බැර කරනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.