‘අස්වැසුම’ දෙවන වටය සඳහා අයදුම්පත් භාර ගැනීම ජනවාරි මාසයේදී ආරම්භ කරන බව ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කර ඇත.

එමෙන්ම පළමු වටයේ ගෙවීම් දෙසැම්බර් මාසය වන විට අවසන් කරන බව ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කමල් පද්මසිරි මහතා පවසා තිබේ.

‘අස්වැසුම’ ප්‍රතිලාභින්ට නොවැම්බර් මස 15 වන දින වන විට ඔවුන්ගේ සැප්තැම්බර් ගෙවීම් ලැබෙන  අතර ඔක්තෝබර් ගෙවීම් නොවැම්බර් මස අවසානයේ දී සිදු කෙරෙනු ඇති බව ද සඳහන් වේ.

ප්‍රතිලාභ වැඩසටහන විධිමත් කිරීම සහ පවතින ගැටළු වලට විසඳුම් ලබා දීම කෙරෙහි අවධානය යොමු කරමින් ‘අස්වැසුම’ විශේෂ සතිය අද සිට ආරම්භ කරන බව ද කමල් පද්මසිරි මහතා සඳහන් කර තිබේ.

මෙම විශේෂ සතිය ලබන 11 වනදා දක්වා පැවැත්වේ.