ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට එංගලන්තයේ ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලිය වන County Championship 2023 තරගාවලියේ Nottinghamshire County ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමිව තිබේ.

අසිත ප්‍රනාන්දු එළඹෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගෙන නොතිබුණු බැවින් ඔහුට එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඇත.