ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සුවිශේෂීම ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය වන අළුබඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ඊයේ (16) එංගලන්තයේ බර්මින්හැම්හිදී ආරම්භ විය. තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව එංගලන්ත ක්‍රීඩකයන් සිය පළමු ඉනිම සඳහා කඩුලු 08ක් දැවී ලකුණු 393ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

මෙම තරගයේ පළමු දිනයේදීම පළමු ඉනිම අත්හිටුවීම විශේෂත්වයකි. එමෙන්ම එංගලන්ත කණ්ඩායම ප්‍රථම ඉනිමේදී 5.03ක දල ලකුණු ලබාගැනීමේ වේගයක්ද රඳවාගෙන තිබිණි. එහිදී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ජෝ රූට් සිය ටෙස්ට් දිවියේ 30වැනි ටෙස්ට් ශතකය වාර්තා කරමින් ලකුණු 118ක් රැස් කළේය. ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 78ක් සහ සැක් ක්රෝලි ලකුණු 61ක් ලබා ගනිමින් එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතක රැස් කළහ.

ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමේදී නේතන් ලයන් කඩුලු 04ක් සහ ජෝෂ් හේසල්වුඩ් කඩුලු 02ක් බිඳ හෙළීය.

පළමු දින සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියාව කිසිවෙකු නොදැවී ලකුණු 14ක් ලබා ගෙන සිටියේය. නොදැවී පන්දුවට පහරදෙන ඩේවිඩ් වෝනර් ලකුණු 08ක් සහ උස්මාන් කවාජා ලකුණු 04ක් රැස් ලබා ගෙන සිටී.

අද (17) තරගයේ දෙවැනි දිනයයි.