අළුබඳුන ටෙස්ට් තරගාවලියේදී මන්දගාමීව පන්දුවාර යොමු කිරීම හේතුවෙන් එංගලන්ත කණ්ඩායමට සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට දඩ නියම කර තිබේ. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණුවලින් ලකුණු 19ක් සහ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණුවලින් ලකුණු 10ක් අහිමි කර ඇත.

මෙම තරගාවලියේදී ලෝක ටෙස්ට් ශූරතාව සඳහා ඔස්ට්‍රේලියාව ලකුණු 18ක් ලබාගත් අතර, එංගලන්තය ලබා ගත්තේ ලකණු 09ක් පමණි.

පසුගිය ජූලි මසදී පැවැති ICC වාර්ෂික සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ටෙස්ට් ක්‍රිකට් සඳහා වන නවතම නීති අනුව මන්දගාමීවන එක් පන්දුවාරයකට එක් ලකුණක්ද ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට පහක්ද අඩු කරන බව දැනුම් දී තිබුණි.