අළුබඳුන ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගය ඊයේ (06) ලීඩ්ස්හිදී ආරම්භ විය. එහිදී තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත නායක ස්ටෝක්ස් තීරණය කළේ පළමුව පන්දු යැවීමටයි. ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකයන් දිනය නිමා වීමටත් පෙර ලකුණු 263කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නෝ සමත් වුහ.

ඔස්ට්‍රේලියාවේ වැඩිම ලකුණුලාභියා වූයේ කැමරන් ග්‍රීන් වෙනුවට කණ්ඩායමට එක්වූ මිචෙල් මාර්ෂ්ය. මාර්ෂ් සිය ටෙස්ට් දිවියේ තුන්වැනි ශතකය වාර්තා කරමින් වේගවත් ලකුණු 118ක් රැස් කළේ පස්වැනි කඩුල්ලට ට්‍රැවිස් හෙඩ් සමගින් ලකුණු 150කට අධික සබඳතාවක්ද ගොඩනගමිනි.

එංගලන්තය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මාක් වුඩ් ලකුණු 34කට කඩුලු 05ක් ද, ක්‍රිස් වෝක්ස් කඩුලු 03ක් ද දවා ගත්හ.

තරගය පළමු දිනයට නිමා කරන විට එංගලන්ත පිතිකරුවෝ කඩුලු 03ක් දැවී ලකුණු 68 රැස් කරගෙන සිටියහ. නොදැවී කඩුල්ලේ රැඳී සිටින ජොනී බෙයාස්ටෝ 01 ලකුණක් සහ ජෝ රූට් ලකුණු 19ක් රැස් කරගෙන සිටී. එංගලන්තය තවමත් ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා ලකුණු 195 පිටුපසින් සිටින්නේ කඩුලු 07ක් ඇතැතිවයි.

තරග 05කින් සමන්විත තරගාවලියේ පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගත් නිසා මෙම තරගයේ ජය එංගලන්තයට තීරණාත්මකය.

කවිඳු කාරියවසම්