ඔස්ට්‍රේලියා -එංගලන්ත අළු බඳුන තරගාවලියේ දෙවැනි තරගයද ලකුණු 43කින් ජය ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

තරගයේ කාසිය වාසිය දිනූ එංගලන්ත‍යේ ඇරයුමෙන් පළමුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම සියල්ලන්ම දැවී ලකුණු 416ක් රැස් කළේය. එහිදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් Steven Smith (110) ශතකයක් රැස් කළේය.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් Ollie Robinson සහ Josh Tongue කඩුලු 03 බැගින් බිඳහෙළීය. අනතුරුව සිය පළමු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 325ක් පමණි.

එහිදී Ben Duckett එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 98ක් රැස් කළේය.

පන්දු යැවීමේදී Mitchell Starc කඩුලු 03ක් බිඳ දමමින් පළමු ඉනිමේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා බවට පත් විය.

අනතුරුව ලකුණු 91ක් ඉදිරියෙන් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 279කි.

එහිදූ Usman Khawaja ලකුණු 77ක් ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිම වෙනුවෙන් එක් කළේය.

ඉන් අනතුරුව ලකුණු 371 ජයග්‍රාහී ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට සියලු දෙනා දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 327ක් පමණි. ඒ අනුව දෙවැනි ටෙස්ට් තරගයෙන්ද ලකුණු 43ක ජයක් ඕස්ට්‍රේලියාවට හිමි විය.

එංගලන්ත දෙවැනි ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ නායක Ben Stokes ලකුණු 155ක් රැස් කළේ හයේ පහර 9 සහ හතරේ පහර 9ක් සමගිනි.

මේ අනුව තරග 05කින් යුත් තරගාවලිය තරග 2-0 ලෙස පෙරමුණ ගැනීමටද ඔස්ට්‍රේලියාව සමත් විය