අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද එංගලන්තයේ ලෝර්ඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. මෙම තරගය සඳහා එංගලන්ත කණ්ඩායම එක් වෙනස්කමක් සිදුකරමින් මොයින් අලී වෙනුවට ජෝෂ් ටොන්ග් කණ්ඩායමට කැඳවීමට පියවර ගෙන ඇත.

පළමු තරගයේදී මොයින් අලී ආබාධයකට ලක්වූ අතර, ඔහු මේ වන විට සුව අතට පත්ව ඇති නමුත්, වේග පන්දු යවන්නන් 04දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද තරගය සඳහා ක්‍රීඩා කිරීමට නියමිත බව බෙන් ස්ටෝක්ස් සඳහන් කළේය.

තරග 05කින් සමන්විත අළුබඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔස්ට්‍රේලියාව ජයගත් අතර, ඔවුන් තරගාවලිය 1-0 ලෙස ඉදිරියෙන් සිටී.

අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වීමට නියමිතය.

කවිඳු කාරියවසම්