අළුබඳුන ටෙස්ට් තරගාවලියේ සිව්වැනි තරගය අද මැන්චෙස්ටර්හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තෙවැනි ටෙස්ට් තරගය එංගලන්තය ජයගත්තද තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණ ගෙන සිටින්නේ ඔස්ට්‍රේලියාවයි.

මෙම තරගය සඳහා එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් ඔලී රොබින්සන් වෙනුවට ජේම්ස් ඇන්ඩර්සන් කැඳවා තිබේ. රොබින්සන්ගේ පිටකොන්දේ මතුවූ ආබාධයක් හේතුවෙන් ඔහුට මෙම තරගය අහිමි වේ. ඔස්ට්‍රේලියාව මෙම තරගය සඳහා ටොඩ් මර්ෆි වෙනුවට කැමරන් ග්‍රීන් නැවත කණ්ඩායමට කැඳවා ඇත.

අළුබඳුන සිව්වැනි තරගයට නම් කර ඇති එංගලන්ත සංචිතය
බෙන් ස්ටෝක්ස් (නායක), බෙන් ඩකට්, සැක් ක්‍රෝලි, මොයින් අලි, ජෝ රූට්, හැරී බෲක්, ජොනී බෙයාර්ස්ටෝ (කඩුලු රකින්නා), ක්‍රිස් වෝක්ස්, මාර්ක් වුඩ්, ස්ටුවර්ට් බ්‍රෝඩ්, ජේම්ස් ඇන්ඩර්සන්.

අළුබඳුන සිව්වැනි තරගයට නම් කර ඇති ඔස්ට්‍රේලියානු සංචිතය
ඩේවිඩ් වෝනර්, උස්මාන් ඛවාජා, මානස් ලබුශේන්, ස්ටීව් ස්මිත්, ට්‍රැවිස් හෙඩ්, මිචෙල් මාෂ්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි (කඩුලු රකින්නා) , මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් (නායක), ජොෂ් හේසල්වුඩ්.

අද තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භ වේ.

කවිඳු කාරියවසම්