රුපියල් 35ක මිලක් යටතේ සතොස හරහා ආනයනික බිත්තර අලෙවි කිරීමට සැලසුම් කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසා තිබේ.

ඒ අනුව ඉදිරි සතිය තුළ අදාළ බිත්තර සතොස හරහා අලෙවි කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා සදහන් කර තිබේ.

එමෙන්ම ආනයනික බිත්තර මෙතෙක් වෙළෙඳපොළේ අලෙවි කිරීමක් සිදුනොවූ නමුත් බිත්තර මිලෙහි ඉහළ යාම සැලකිල්ලට ගනිමින් ඒවා පාරිභෝගිකයින්ට ලබාදීමට තීරණය කර ඇත.

මෙලෙස සතොස සහ සුපිරි වෙළෙඳසැල් සඳහා ආනයනික බිත්තර නිකුත් කිරීමට තීරණය කර ඇති බව සඳහන් වේ.

දෛනිකව බිත්තර ලක්ෂයක පමණ ප්‍රමාණයක් එලෙස වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා සඳහන් කළා.