ආයතන දෙකක් මුදල් අමාත්‍යංශයට පවර ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මුදල්, ආර්ථික ස්ථායීකරන සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශ ශීර්ෂය යටතට ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වේ.

සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් මීට පෙර ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ශීර්ෂය යටතේ පැවති අතර ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය මීට පෙර නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යංශය යටතේ පැවතිණි.

අදාළ ගැසට් නිවේදනය පහතින්