කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය හැර අනෙක් සියලු පීඨයන් නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට කැළණි විශ්ව විද්‍යාලයේ පරිපාලන අධිකාරිය විසින් තිරණය කොට ඇත.

මෙලෙස වසා දැමීමට තිරණය කර ඇත්තේ කැලණිය විශ්ව විද්‍යාලයේ සේවයේ නියුතු ආරක්ශක නිලධාරියකුට පසුගිය 2023/12/02 දින පෙ.ව.1ට පමණ ආරක්ශක විවේකාගාරයේ නිදා සිටියදි එයට අනවසරයෙන් ඇතුලු වු සිසුන් පිරිසක් ඔහුව ශිෂ්‍ය මධ්‍යස්ථානයකට ගෙනගොස් අමානුශික ලෙස පහර දී පෙ.ව.2.10ට පමණ ශිෂ්‍ය මධ්‍යස්ථානයට ඇතුලු වන ගේට්ටුවේ අත් පා ගැට ගසා තබා ගිය සිද්ධියකට අදාලවයි.​‍

එම සිද්ධියට අදාලව කඩින​ම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කැලණි විශ්වවිද්‍යාලීය වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව එදින නිකු​ත් කල නිවෙදනය පහත දැක්වේ