ආසියානු කුසලානය සඳහා වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

අනිද්දා දිනයේදී ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භවීමට නියමිත අතර, තරගාවලියට ක්‍රීඩා කරන අනෙකුත් සියලු රටවල් ඔවුන්ගේ සංචිත නම් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචිමාර්ග සඳහන් කරන්නේ සංචිතය නම් කරා ඇති බවත් ඊට ඇමතිවරයාගේ අනුමැතිය තවමත් ලැබී නොමැති බවයි.