ආසියානු ක්‍රීඩා උළෙල චීනයේ හැංශුයි නුවරදී සැප්තැම්බර් 23වැනිදා සිට ඔක්තෝබර් 08වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 96ක කණ්ඩායමක් ඉදිරිපත් කර තිබේ.

එම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමතරව නිලධාරීන් ඇතුළුව 153දෙනෙකුගෙන් යුත් කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියද හිමිව ඇත. ඒ අනුව ක්‍රීඩා 20ක් සඳහා ක්‍රීඩකයන් 62ක් සහ ක්‍රීඩිකාවන් 34ක් තරග කිරීමට නියමිතව තිබේ.

මෙම ක්‍රීඩා 20 සඳහා කළමනාකරුවන් 20ක්, පුහුණුකරුවන් 24ක් වෛද්‍ය කණ්ඩායමේ 06ක් සහ ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් 07ක් මෙම කණඩායමට ඇතුළත්.

වසර 32කට පසු මිටර් 400 ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් දිනා දුන් නදිෂා රාමනායක ක්‍රීඩිකාවගේ පුහුණුකරු ඩබ්.ජී.එම්. තුෂාර මහතා සහ මීටර් 800 කාන්තා ඉසව්වෙන් රන් පදක්කම දිනා දුන් තරුෂි කරුණාරත්නගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතාද මෙම කණ්ඩායමට ඇතුළත් කර තිබේ.

බොහෝ නිර්දේශ අතුරින් අත්‍යවශ්‍යම කණ්ඩායමට පමණක් මෙවර තරගාවලිය සඳහා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිව තිබීම විශේෂත්වයකි.