ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් තරග ඉසව්වේ තෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකාව පරදා ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළ අතර, ඔවුන් පන්දුවාර 183කදී සියලු දෙනා දැවී ලකුණු 116ක් රැස් කළහ.

ඇෆ්ගනිස්ථානය වෙනුවෙන් නූර් අලි සද්‍රන් ලකුණු 51ක් රැස් කළේය. පන්දු යැවීමේදී නුවන් තුෂාර ලකුණු 17කට කඩුලු 04ක් දවාගත්තේය.

අනතුරුව ලකුණු 117ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19.1 අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 108ක් පමණි. එහිදී නායක සහන් ආරච්චිගේ ලකුණු 22ක් රැස් කළේය. පන්දු යැවීමේදී කුවයිස් අහමඩ් සහ ගුල්බ්දීන් නයිබ් කඩුලු 03ක් බැගින් බිඳහෙළීය.