ආසියානු ක්‍රීඩා උළේලේ කාන්තා මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට තරුෂි කරුණාරත්න මීට සුළු මොහොතකට පෙර සමත් විය. තරුෂි එහිදී වාර්තා කළ කාලය විනාඩි 02.03.20කි.

ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ 2014 වසරෙන් පසුවයි. එමෙන්ම ආසියානු ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා ඉසව්වකින්  ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගත්තේ 2002 වසරෙන් පසුවයි.