ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 4×400 පිරිමි සහාය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කමක දිනා ගැනීමට ශ්‍රී ලංකා පිරිමි සහාය දිවීමේ කණ්ඩායම සමත් විය. ඔවුන් එම ඉසව්ව මිනිත්තු 3:02.55කින් අවසන් කරමින් මෙම පදක්කම දිනා ගත්හ.

මෙම කණ්ඩායමට අරුණ දර්ශන, රාජිත රාජකරුණා, පබසර නිකූ සහ කාලිංග කුමාරගේ ඇතුළත් විය.

මෙය 2006 වසරෙන් පසු ආසියානු ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකා පිරිමි සහාය දිවීමේ කණ්ඩායම දිනාගත් පළමු පදක්කම වේ. එමෙන්ම අද දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ක්‍රීඩා උළෙලේදී දිනාගත් 03වැනි පදක්කම මෙය වීමද විශේෂත්වයකි.