19වැනි ආසියානු ක්‍රීඩා උළෙල විචිත්‍රවත් සාමප්ති උළෙලකින් නිමාවට පත් විය. මෙම සමාප්ති උළෙල චීනයේ හංජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථාන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගැනීමට සත්කාරක චීනය සමත් වූ අතර, ඔවුන් රන් පදක්කම් 201ක්, රිදී පදක්කම් 111ක් සහ ලෝකඩ පදක්කම් 71ක් සමගින් සමස්ත පදක්කම් 383ක් දිනාගැනීමට සමත් විය.

පදක්කම් සටහනේ දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් දිනාගැනීමට ජපානය සහ දකුණු කොරියාව සමත් වූ අතර, ජපානය රන් 52ක්, රිදී 67ක් සහ ලෝකඩ 69ක් සමගින් සමස්ත පදක්කම් 188ක්ද, දකුණු කොරියාව රන් 42ක්, රිදී 59ක් සහ ලෝකඩ 89ක් සමගින් සමස්ත පදක්කම් 190ක්ද දිනාගැනීමට සමත් විය.

රන් පදක්කමක්, රිදී පදක්කම් 02ක් සහ ලෝකඩ පදක්කම් 02ක් දිනාගත් ශ්‍රී ලංකාවට පදක්කම් සටහනේ 26වැනි ස්ථානය හිමි විය.