ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ තායිලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ. ඒ අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකි විය.

තරගයේ කාසියේ වාසිය දිනාගත් තායිලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, වර්ෂාව හේතුවෙන් තරගය පන්දුවාර 15කට සීමා විය. ඒ අනුව තායිලන්තය පන්දුවාර 15කදී කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 78කි. එහිදී චනීදා සූත්තිරුඅං නොදැවී ලකුණු 31ක් වාර්තා කළ අතර,පන්දු යැවීමේදී ඉනෝෂි ප්‍රියදර්ශනී ලකුණු 10කට කඩුලු 04ක් දවා ගත්තාය.

අනතුරුව ලකුණු 79ක ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 10.5කදී කඩුලු 02ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී අනුෂ්කා සංජීවනී ලකුණු 32ක් සහ නායිකා චමරි අතපත්තු ලකුණු 27ක් රැස් කළහ.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අවසන් පූර්ව තරගය අනිද්දා (24) පැවැත්වේ.