ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 04 වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද පස්වරු 03ට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

කාලගුණ ආනාවැකිවලට අනුව අද දිනයේදීත් තරගයට වර්ෂාවෙන් බාධා ඇති විය හැකිය.

මේ අතර ඊයේ පැවැති පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගයෙන් ලකුණු 228ක දැවැන්ත ජයක් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් විය.

එමෙන්ම ඊයේ තරගයේදී විශිෂ්ට ශතකයක් රැස්  කළ විරාට් කෝලි එක්දින පිටියේ ලකුණු 13,000 සීමාව පසුකර යාමටද සමත් විය.