2023 ආසියානු කුසලානයේ ශූර‍යන් බවට ඉන්දීය කණ්ඩායම සමත් විය. ඒ ශ්‍රී ලංකාවට එරෙහිව අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් මහා තරගය ඉතා පහසුවෙන් ජයග්‍රහණය කරමිනි.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ‍සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 50ක් පමණි.

ඒ අනුව ඉතාමත් පහසු ඉලක්කයක් හඹා ගියා අගයක් ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් දෙපළ වන ඉෂාන් කිෂාන් සහ ශුබ්මන් ගිල් තරගය පන්දුවාර 06කුත් පන්දුවක් තුළ දී අවසන් කරමින් ආසියානු කුසලානය ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගයේ දී මෙලෙස ගිලිහී ගියේ සිය සත්වැනි ආසියානු කුසලානය වන අතර, ඉන්දීය කණ්ඩායම දෝතට ගත්තේ ඔවුන් දිනූ 08වැනි ආසියානු කුසලානයයි.