ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු තරගය අද බංග්ලාදේශය සමග පැවැත්වේ. අද තරගය පස්වරු 03.00ට පල්ලේකැලේ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.

කොවිඩ් වෛරසය වැලඳී සිටි කුසල් ජනිත් පෙරේරා නැවත සංචිතයට එක්ව සිටියද අද තරගයේදී ඔහුට විවේකයක් ලබාදීමට ‌බො‌හෝ සෙයින් ඉඩ ඇති බවද වාර්තා වේ. එමෙන්ම මේ වනවිට පල්ලේකැලේ ජාත්‍යයන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට සෞම්‍ය කාලගුණයක් පවතින බවද සඳහන්ය.