ආසියානු කුසලාන තරගාවලියේ පළමු වටයේ තරග ඊයේ නිමාවට පත් විය. ඒ අනුව සුපිරි කණ්ඩායම් 04 වටයේ තරග අද ආරම්භ වේ. එහි පළමු තරගය ලෙස බංග්ලාදේශය සහ පාකිස්තානය අතර තරගය අද පස්වරු 03.00ට ලාහෝර් හිදී ආරම්භ වේ. එම තරගය මෙම තරගාවලිය යටතේ පාකිස්තානයේදී පැවැත්වෙන අවසන් තරගයයි. අනතරුව පැවැත්වෙන සියලු තරග කොළඹදී පැවැත්වීමට නියමිතය.

සුපිරි කණ්ඩායම් 04 වටයේ දෙවැනි තරගය සැප්. 09වැනිදා ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ. අනතුරුව ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරගය සැප්. 10වැනිදා කොළඹදී පැවැත්වේ. එම තරගයෙන් පසුව ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය සැප්. 12වැනිදා පැවැත්වේ. එම තරගයෙන් අනතුරුව සුපිරි කණ්ඩායම් 04 වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් තරගය සැප්. 14වැනිදා පැවත්වෙන අතර, එම වටයේ අවසන් තරගය සැප්. 15වැනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වේ. සුපිරි කණ්ඩායම් 04 වටයේ ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් 02 අතර පැවැත්වෙන අවසන් මහා තරගය සැප්. 17වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම තරග සියල්ල කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට මේ වනවිට කටයුතු යොදා ඇති අතර, සියලු තරග පස්වරු 03.00ට ආරම්භ වී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ.