ඇමරිකාව පුරා සහල් හිඟයක් ඇතිවීමේ අවධානමක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාව විසින් බාස්මතී නොවන සුදු සහල් අපනයනය අත්හිටුවීමත් සමඟ මෙම තත්ත්වය උද්ගතව ඇති බව සඳහන් වේ.

ඇමරිකාවේ ප්‍රධාන සහල් අපනයනකරු ඉන්දියාවයි.

පසුගිය සතියේ ඉන්දීය රජය නිවේදනය කළේ, දේශීය පරිභෝජනය සඳහා සහල් සංචිත ආරක්ෂා කරගැනීමේ අරමුණින් අදාළ තහනම පනවන බවය.

ඉන්දියාවේ තීරණයත් සමඟ ඇමරිකාව පුරා සහල් මිලදී ගැනීම්, ගබඩාකිරීම් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති අතර එම තත්ත්වය හමුවේ සහල් මිල ගණන්ද ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත.