බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය දැඩි නියඟයක ග්‍රහණයට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

එය වසර අවසාන වන විට පුද්ගලයින් 500,000 කට පමණ බලපෑ හැකි අතර ඔවුන්ගේ ආහාර, පානීය ජලය සහ අනෙකුත් සැපයුම් සඳහා ඇති ප්‍රවේශය සීමා කරන බව ද සඳහන් වේ.

දැනටමත් එහි ජල මට්ටම් පහත වැටී ඇති අතර, වැසි වනාන්තරයේ වංගු සහිත ගංගා කිහිපයක් මත මිය ගිය මත්සයින් පාවෙන අයුරුද දැකගත හැකි වේ.