ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රක්කිත්තාකන්ද විහාරස්ථාන මාර්ගයේ දී අද (18) උදෑසන බස් රථයක් බෑවුමකට පෙරළීමෙන් පුද්ගලයෙකු මියගොස් තවත් 06 දෙනෙකු තුවාල ලබා තිබේ.

අනතුරින් තුවාල ලැබූවන් වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් වෛද්‍ය අධිකාරීවරයා ප්‍රකාශ කර ඇත.

අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 73ක් වූ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ උමා ඔය ව්‍යාපෘතියේ රාත්‍රී සේවා මුරය අවසන් කර පුද්ගලයින් 10 දෙනෙක් පමණ බස්රථය තුළ සිට ඇති බව පොලීසිය පවසා ඇත.