දරුවන් අතර වේගයෙන් පැතිර යන ඇස් රෝගය කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කරවන වෛරසයක් හේතුවෙන් බෝවන බව කොළඹ රිර්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසා ඇත.

මෙලෙස කාලයෙන් කාලයට වෛරස් ඇති විය හැකි බවත් වෛරස් උණ සමඟ ඇස් රෝග ඇති විය හැකි බවත් මේ නිසා අපිරිසිදු දෑතින් ඇස් ඇල්ලීමෙන් ලෙසත් ඔහු සඳහන් කර තිබේ.

එසේම රතු වීම, කබ ගැලීම, ඇසේ වේදනාව වැනි රෝග ලක්ෂණ මතු වීමේ හැකියාව පවතින බවද දැක්වේ.

එසේම මෙම ඇස් රෝගය වෛරසයක් නිසාවෙන් ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය නොවන අතර දින පහකට වඩා මේ රෝගය පැවතුණහොත් ප්‍රතිකාර සඳහා යොමු වන ලෙසයි වෛද්‍ය දීපාල් පෙරේරා වැඩිදුරටත් පවසා ඇත.