පාකිස්තානය සහ ඇෆ්ගනිස්තාන අතර එක්දින ක්‍රිකට් තරගාවලියක් මෙරට සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය.

2023 ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත බැවින් ඊට පෙර මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.

තරගාවලියේ නිල කාලසටහන් මෙතෙක් නිකුත් කර නොමැති වුවද බොහෝවිට එළඹෙන අගෝස්තු මාසයේදී මෙම තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.