ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ නෙදර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය අතර තරගයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 05වැනි ස්ථානය හිමිකරගෙන සිටී.

තරගයේ කාසියේ වාසිය දිනූ නෙදර්ලන්තය පළමු පන්දුවට පහරදෙමින් පන්දුවාර 46.3කදී සියලු ක්‍රීඩකයන් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු 179කි. එහිදී ලකුණු 58ක් වාර්තා කිරීමට සයිබ්‍රෑන්ඩ් එංගල්බ්‍රෙච්ට් සමත් විය. පන්දු යැවීමේදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් මොහොමඩ් නබී ලකුණු 28කට කඩුලු 03ක් දවා ගත්තේය.

අනතුරුව පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 31.3 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී ලකුණු 181ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේය. එහිදී නායක හස්මතුල්ලා ශහීඩි ලකුණු 56ක් සහ රහ්මත් ශා ලකුණු 52ක් රැස් කිරීමට සමත් විය.