ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර තරගයෙන් කඩුලු 07ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්තානය සමත් විය.

තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම තීරණය කළේ ප්‍රථමයෙන් පන්දු යැවීමටයි. ඒ අනුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.3ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 241කි.

එහිදී පැතුම් නිස්සංක ලකුණු 46ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 39ක් සහ සධීර සමරවික්‍රම ලකුණු 36ක් රැස් කළහ. පන්දු යැවීමේ දී Fazalhaq Farooqi කඩුලු 04ක් බිඳහෙළීය.

අනතුරුව ලකුණු 242ක ඉලක්කයක් හඹායෑමට පිටියට පිවිසි ඇෆ්ගනිස්තානය පන්දුවාර 45.2 අවසානයේ කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියේය. එහිදී Rahmat Shah ලකුණු 62ක්, නායක Hashmatullah Shahidi නොදැවී ලකුණු 58ක් සහ Azmatullah Omarzai නොදැවී ලකුණු 73ක් රැස් කළහ.