ඉක්වදෝරයේ ජනාධිපති අපේක්ෂ ෆර්නැන්ඩෝ විලෙවිසෙන්සියෝ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් මියගොස් ඇත.

එහිදී වෙඩි තැබීම සිදුකළ පුද්ගලයාද වෙඩි ප්‍රහාරයට ලක්ව ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් ඉක්වදෝර බලධාරීන් වැඩිදුර තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව ද සඳහන් වේ.