ඉඩම් දිනයට සමගාමීව ඉඩම් අහිමි ජනතාවට ඉඩම් අයිතිය දිනාගැනීම වෙනුවෙන් ඊයේ (21) හැටන් නගරයේ දැවැන්ත විරෝධතාවයක් හා පාගමනක් පැවැත්වුණි.

සංවිධාන 20කට අධික ප්‍රමාණයකගේ සහභාගිත්වයෙන් දහසකට අධික ජන සහභාගිත්වයෙන් මෙම පාගමන හා විරෝධතාවය පැවැත්විණි.

‘අපේ ඉඩම් අපිට දියව්’ ‘ඉඩම් අයිතිය මානව අයිතියක්’ ‘අපේ අයිතිය අපිට දියව්’ ආදී සටන් පාඨායන් කියමින් ජනතාව විරෝධතාවයේ නිරත වුණි.

විරෝධතා පාගමන හේතුවෙන් හැටන් නගරයේ අධික වාහන තදබදයක් ඇති අතර හැටන් පොලීසියේ රථ වාහන අංශයේ සහයෝගයෙන් විරෝධතා පාගමන හැටන්හි ක්‍රිෂ්ණ භවන් ශාලාවේ සමුළුව වෙත ගමන් කළේය.

වසර 200 පුරා ලබා නොදෙන ඉඩම් අයිතිය ලබා දීමට රජයට බල කරමින් මෙම සමුළුව පවත්වන් බව කඳුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය සදහන් කළේය.

ජායාරූප – මිතුන් ජයවර්ධන