ඉතාලියේ, වැනීස් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 21 දෙනෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ගුවන් පාලමක් මතින් ගමන් කරමින් තිබු බස් රථය ඉන් ඉවතට පැන පෙරළීමෙන් අනතුර සිදුව ඇති අතර එහිදී බස් රථයේ ගින්නක් ද හටගෙන ඇති බව සඳහන් වේ.

යුක්‍රේන ජාතිකයින් 05 දෙනෙකු සහ ජර්මානු ජාතිකයෙකු අනතුරින් මියගිය පිරිස අතර වේ.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් 05 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය තවදුරටත් සඳහන් කර ඇත.