මියයන විට ඔහු 86 හැවිරිදි වියේ පසුවිය.

ඉතාලි මාධ්‍ය සඳහන් කළේ, මිලාන් නුවර පිහිටි සැන් රෆායෙල් රෝහලේදී හිටපු අග්‍රාමාත්‍යවරයා අවසන් හුස්ම හෙලූ බවය.

2020 කෝවිඩ් රෝගය වැලඳුනු ඔහු නැවත සුවය ලැබු අතර ලියුකේමියා රෝගයෙන් පෙලුණු බවද විදෙස් මාධ්‍යය  වාර්තා කරනවා

ඔහු ඉතාලියේ ඉහල මන්ත්‍රි මණ්ඩලය වන සෙනෙට් සභාවට තේරි පත් වූ සැප්තැම්බරයේ මැතිවරණයෙන් පසු අගමැති ජෝර්ජියා මෙලෝනි යටතේ සභාගයට ගිය මධ්‍ය දක්ශිණාංශික Forza Italia පක්ශයට නායකත්වය දුන්නේය.

ඔහු පළමු වරට අග්‍රාමාත්‍ය ධුරයට පස්වූයේ 1994 දීය.තවද ඔහු 2011 දක්වා විටින් විට සිව්වරක් එරට අග්‍රාමාත්‍ය ධුරය දරා ඇත.