ඉදිකිරීම් කර්මාන්තයේ පසුබෑම මගහරවා ගැනීමට අවශ්‍ය කඩිනම් යෝජනා 13 ක් ජනාධිපති රනිල් වික්‍රමසිංහට බාරදුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් පවසා ඇත.

ඒ අනුව මෙවර අයවැය මගින් ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය ප්‍රතිපත්ති හදුන්වා දෙනු ඇති බවද අමාත්‍යංශ ලේකම්වරයා සදහන් කර තිබේ.

මෙරට ජනගහනයෙන් 20% ක පමණ පිරිසක් යැපෙන්නේ ඉදිකිරීම් කර්මාන්තයෙන් බවත් ඉදිකිරීම් කර්මාන්තය කඩා වැටුනහොත් රටේ මුළු ජනගහනයෙන් 1/5 කගේ ජන ජීවිතය අකර්මන්‍ය වන බවද අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේවන විට මෙරට ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින අතර ඉදිකිරීම් කර්මාන්තය නගා සිටුවීම සදහා අවශ්‍ය මූල්‍යමය සහ මූල්‍යමය නොවන විසදුම් ලබා දීමට රජය කඩිනමින් කටයුතු කරන බව ඔහු සඳහන් කර තිබේ