කොලිවුඩ් සිනමාවේ තවත් අති දක්ෂ නළුවෙක් වන විජේ සේදුපති ඉදිරි නිර්මාණවලදී දුෂ්ඨයාගේ චරිතය රඟපෑමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව පවසා තිබෙනවා. ඔහු මේ බව පවසා ඇත්තේ මේ දිනවල ගෝවේදී පැවැත්වෙන 54 වන ජාත්‍යන්තර ඉන්දියානු සිනමා උළෙල අතරතුර පැවැති  සම්මුඛ සාකච්ඡාවකදී.

ආදායම් වාර්තා තබමින් මෑතකදී තිරගත වූ Jawan චිත්‍රපටය ඇතුළු චිත්‍රපට රැසක දුෂ්ඨ චරිතය අති සාර්ථක ව නිරූපණය කළ විජේ එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා ඇත්තේ මෙවැන්නක්. “ඇත්තෙන්ම මම දුෂ්ඨ චරිත රඟපෑමෙන් වින්දයක් ලබනවා. ඒත් එකම චරිතයකට කොටු වීමට මම කැමති නැහැ. එසේ වීමේදී වැඩි පීඩනයක් එල්ලවනවා වගේම සීමාවන්ට යටත්වීමට ද සිදු වෙනවා.ඒ නිසා මම හිතනවා, ඉදිරියේදී මම දුෂ්ඨ චරිත රංගනයෙන් ඉවත් වී ප්‍රධාන චරිතය සහ වෙනත් චරිත රංගනයට අවධානය යොමුකරාවි කියලා