ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසා ඇත.

ඒ අනුව ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බව ඔහු ජන ප්‍රකාශ කර තිබේ.

මේ අතර ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක් පෙට්‍රල් 92 සහ පිරවුම්හල් 61ක ලංකා ඔටෝ ඩීසල්, 50% ක් අවම තොග පවත්වාගෙන ගොස් නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කර ඇත.

ජනතාවට අවශ්‍ය ප්‍රමාණවත් ඉන්ධන තොග තෙල් සංස්ථාව සතු බැවින්, නිසි පරිදි අවම ඉන්ධන තොග පවත්වාගෙන යාමට අවශ්‍ය ඇණවුම් සිදුකරන ලෙස අමාත්‍ය කංචන විජේසේකර වැඩිදුරටත් සඳහන් කර තිබේ.