04වැනි ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ මීටර් 100 පිරිමි T44 අවසන් තරගයේදී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට ඉන්දික නුවන් ගමගේ සමත් විය.

ඔහු තත්පර 11.63කින් එම ඉසව්ව අවසන් කරමින් නව තරග වාර්තාවක්ද සමගින් මෙම රන් පදක්කම දිනා ගැනීම විශේෂත්වයකි.