ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අද මෙරටට පැමිණියේය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් කටුනායක ගුවන් තොටුපොළ තුළ සහ ඉන් පිටත ක්‍රියාත්මක කර තිබුණි.

ඉන්දීය කණ්ඩායම දිවයිනට පැමිණීමෙන් පසු දිවා ආහාරය ගෙන මහනුවර බලා යාමට පිටත් විය. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන සැප්තැම්බර් මස 02වැනිදා මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පාකිස්තානු කණ්ඩායම සමග පැවැත්වීමට නියමිතය.