ලංකාවේ දෙදින නිල සංචාරක නිරත ඉන්දියානු මුදල් ඇමැතිනි නිර්මලා සීතාරාමන් අද (02) ත්‍රිකුණාමලයේ ස්ථාපිත ඉන්දියානු රාජ්‍ය බැංකුවේ ශ්‍රි ලංකාවේ පස්වන ශාඛාව විවෘත කිරිමට එක් විය.

ත්‍රිකුණාමලට පැමිණි ඉන්දියානු මුදල් ඇමැතිනිය නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන්  විසින් පිළිගනු ලැබු අතර බැංකුව විවෘත කිරිමට පෙර මුදල් ඇමැතිනිය කොණේස්වරන් කෝවිලේ විශේෂ දේව පුජාවකට ආණ්ඩුකාරවරයා සමග එක් වී තිබේ.

බැංකුව විවෘත කරමින් ඉන්දියානු මුදල් ඇමැතිනිය මුල්ම ගණුදෙනු ආණ්ඩුකාරවරයා සමග සිදු කර ඇත.

අනතුරුව මෙම පිරිස චිනවරායේ පිහිටි ලංකා ඉන්දියානු තෙල් සමාගමේ සංචාරයක නිරත වී තිබේ.

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා ඉන්දියානු මහා කොමසාරිස් ගෝපාල් බංග්ලේ,ඉන්දියානු රාජ්‍ය බැංකුවේ සභාපති දිනේෂ් කුමාර් කරා යන මහත්වරුන් එක් වී ඇත.